හෙට පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය කල් දමයි

by Staff writer 04-03-2025 | 4:38 PM

COLOMBO (News 1st) - හෙට (05) පැවැත්වීමට තිබූ වැඩ වර්ජනය මාර්තු 21 වැනිදා තෙක් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (04) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට ආණ්ඩුවේ සාධනීය මැදිහත්වීම් සලකා එම තීරණය ගත් බවයි.