ඉන්දියාව ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට..

ප්‍රබල ඔස්ට්‍රේලියාව පැරදූ ඉන්දියාව ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට..

by Staff writer 04-03-2025 | 10:35 PM

COLOMBO (News 1st) - ඉන්දීය කණ්ඩායම , 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණූ 264ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

ඉන්දීය කණ්ඩායම අවස්ථා 3කදී ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ශූරයන් බවට පත්ව තිබේ.

තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි එම් ටී වී මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.