.webp)
COLOMBO (News 1st) -
වත්තල ප්‍රදේශයෙන් සොරාගෙන පලායමින් සිටි ලොරි රථයකට කඩුවෙලී පොලීසිය වෙඩි තබා තිබේ.පොලීසිය පැවසුවේ, වත්තල ප්‍රදේශයේ නවතා තිබූ එළවළු රැගත් ලොරි රථයක් සොරා ගෙන ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය කරන බවට තොරතුරු ලැබුණ බවයි.
ඒ අනුව යතුරු පැදි කණ්ඩායම් යොදවා අද අලුයම කළ මෙහෙයුමකදී කඩුවෙල සිට මාලඹේ දෙසට අණ නොතකා ධාවනය කළ ලොරි රථයට වෙඩි තැබූ බව පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ලොරි රථයේ ටයර්වලට හානිවී අතර ලොරි රථය දමා පලා යාමට සූදානම්වූ අවස්ථාවේ සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි.