ගණේමුල්ලේ සංජීවගේ මරණයේ අධිකරණ තීන්දුව නිකුත් වෙයි

ගණේමුල්ලේ සංජීවගේ මරණයේ අධිකරණ තීන්දුව නිකුත් වෙයි..

by Staff writer 28-02-2025 | 5:46 PM

COLOMBO (News 1st) -

ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩි තැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද තීන්දු කළා ය.

ඒ, සිද්ධියට අදාළව දින දෙකක් තිස්සේ පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කරමින් ය.

ගණේමුල්ල සංජීව නැමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට ඉදිරිපත් කළේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ, මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් වූ කරුණු හා නිරීක්ෂණ මෙන්ම කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සළකා බලා එම තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.