කාන්තාවක් කටුනායකදී රේගු භාරයට

රුපියල් මිලියන 12ක කුෂ් සමග කාන්තාවක් කටුනායකදී රේගු භාරයට

by Staff writer 26-02-2025 | 2:50 PM

COLOMBO (News1st) - කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200 ක් සමග කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

38 හැවිරිදි සැකකාරිය තායිලන්තයේ සිට හොංකොන් හරහා මෙරටට පැමිණ ඇත්තේ අද(26) අලුයමයි.

සිය ගමන් මළුවල ආහාර ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව රේගුව ප්‍රකාශ කළේ ය.

කුෂ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 12 ක් පමණ වේ.

සැකකාර කාන්තාව සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.