.webp)
COLOMBO (News 1st) - ලොවපුරා හින්දු බැතිමතුන් අද(26) මහා ශිව රාත්රිය සමරයි.
ඒ, ආගමික වතාවත්වලට මුල්තැනදෙමිනි.
හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වු අසිරිමත් දිනය අදයි.
ලොව බලවත්ම දෙවියා පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්රහ්මයා හා ශිව දෙවියන් අතර ඇති වූ මතගැටුමේදී, ශිව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසුහ.
සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ සිසාරා පියාසර කළ මහා බ්රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකිවුයේ නැත.
ඒ අනුව ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් බවට පත්වූ බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි.
හින්දු බැතිමතුන් මහා ශිව රාත්රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.
මේ අනුව හින්දු බැතිමතුන් අද රාත්රීයේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්රීය සමරති.