නාමල් රාජපක්ෂ අද CIDයට

නාමල් රාජපක්ෂ අද CIDයට

by Staff writer 26-02-2025 | 6:14 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(26) කැඳවා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රීලංකන් සමාගමට කුප්‍රකට කපිල චන්ද්‍රසේන මැදිහත්ව සිදු කළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා කැඳවා ඇති බවයි.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් 10ක් ගන්න ගනුදෙනුවක් සිදු කෙරුණි.

බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය කළ පරීක්ෂණයකදී හෙළිවුයේ, මේ ගනුදෙනුව හා සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 16.84 ක් අල්ලස් ගනුදෙනුවක් සිදුව ඇති බවයි.

එවක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ  කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ බෘෘනායි ගිනුමකට ඩොලර් මිලියන 2ක් බැරවී තිබු බව ද විමර්ශනවලදී හෙළිවී තිබුණි.

වැඩිදුරටත් අනාවරණය වූයේ, අදාළ ගිණුමෙන් තවත් ගිණුම්වලට මුදල් හුවමාරු වී ඇති බවයි.

අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අත්අඩංගුවට ගැනීම් හා ඇප නියමවීම් සිදු වූ අතර නාමල් රාජපක්ෂ මහතා නැවත අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ මෙවන් පසුබිමකයි.