.webp)
ඒ ඔවුන් දෙදෙනා අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අද නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ, ඊයේ (25) දිනයේ ලබාගත් රැඳවුම් නියෝග කාලය අවසන් වීම හේතුවෙනි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඉදිරි විමර්ශන කටයුතු තවමත් සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මාර්තු මස 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.