.webp)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණි දිසානායක මහතා සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
මීට අමතරව පුද්ගලයින් පරීක්ෂා කිරීමේ උපකරණ හා පාර්සල් පරීක්ෂණ උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතුද, මේ වන විට සූදානම් කරමින් පවතී
මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද ලැබී ඇති බවයි.
මේ අතර දිවයිනේ සියලු බන්ධනාගාර ආශ්‍රිතව සෝදිසි කිරීමේ වැඩි කිරීමටද තීරණය කර ඇත.
ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ, බුද්ධි වාර්තා මත පදනම්ව,සෙසු බන්ධනාගාරවල සිටින හඳුනාගත් රැඳවියන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට මාරු කිරීමටද පියවර ගනිමින් සිටින බවයි.
මේ වන විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ගණන 50 කට ආසන්න වේ.