නවසීලන්ත සහ බංග්ලාදේශ අද තරග බිමට..

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය අද...

by Staff writer 24-02-2025 | 9:53 AM

COLOMBO (News 1st)-2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය අද පැවැත්වෙයි.

ඒ, නවසීලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් අතරයි.

තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස එය ක්‍රියාත්මක වෙයි.

A කාණ්ඩයේ ලකුණු සටහනට අනුව නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇත්තේ, දෙවැනි ස්ථානයයි.

බංග්ලාදේශය, තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

නවසීලන්තය අද තරගය ජයගතහොත් ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ඇති.

බංග්ලාදේශයට තවදුරටත් තරගාවලියේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් ය.

පකිස්ථානයේ, රාවල්පිණ්ඩිහිදි පැවැත්වෙන අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.