ගනේමුල්ල සංජීව ඝාතනය : තවත් තිදෙනෙක් අත්අඩංගුවට..

ගනේමුල්ල සංජීව ඝාතනය : තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට..

by Staff writer 23-02-2025 | 12:13 PM

COLOMBO (News 1st) - ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අස්ගිරිය, ගම්පහ සහ උඩුගම්පොළ ප්‍රදේශවලදී යි.

සැකකරුවන් අවුරුදු 19, 22 සහ 25 යන වයස්වල පසුවන්නන් වේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සන්තකයේ තබාගෙන සිට, අපරාධයට පෙර දින වෙඩික්කරුට ලබාදුන්නා යැයි කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,හොරණෑකාරගේ දමිඳු ලක්ෂාන් නැමැත්තෙකි.

දමිත් අංජන නයනජිත් සහ චමෝත් ගිම්හාන නැමැති සැකකරුවන්ට චෝදනා එල්ල වන්නේ, වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු සහ සැකකාරිය ත්‍රීරෝද රථවලින් ප්‍රවාහන කිරීමයි.

අදාළ ත්‍රීරෝද රථ ද, පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව ගනේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව, 8 ක්.

ඒ අතරට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද ඇතුළත්.