මිද්දෙණියේ ත්‍රිපුද්ගල සාතනවල අවසන් කටයුතු අද..

මිද්දෙණියේදී වෙඩි තබා ඝාතනය කළ අරුණ විදානගමගේගේ හා දරුවන් දෙදෙනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද..

by Staff writer 22-02-2025 | 6:58 AM

COLOMBO (News 1st) -

මිද්දෙණිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ අරුණ විදානගමගේ මහතාගේ හා දරුවන් දෙදෙනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබේ.

ඔවුන් තිදෙනාගේ දේහයන් මේ වනවිට තැන්පත් කර තිබෙන්නේ, මිද්දෙණියේ කුඩගල්ආර ප්‍රදේශයේ නිවසකයි.

මිද්දෙණිය , කඩේවත්ත මංසන්ධියේදී පසුගිය 18 වැනිදා එම වෙඩි ප්‍රහාරය එල්ල විය.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.