ගනේමුල්ල සංජීව ඝාතනය:වෙඩික්කරුගේ පෙම්වතියක් කොටු

'ගනේමුල්ල සංජීව' ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය බව පැවසෙන තරුණියක් අත්අඩංගුවට

by Staff writer 21-02-2025 | 10:14 PM

COLOMBO (News 1st) - ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය බව කියන තරුණියක් මහරගමදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඇය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට පියවර ගත් බවයි.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරවා මාර්තු මස 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළා ය.

ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරුවරයා පොලීසිය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.