මීනගයා දුම්රියේ වනඅලි රංචුවක් ගැටෙයි

වනඅලි 6 දෙනෙක් මීනගයා දුම්රියේ ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

by Staff writer 20-02-2025 | 6:30 AM

COLOMBO (News 1st) - ගල්ඔය සහ මින්නේරිය අතර කැලෑබද ප්‍රදේශයකදී වන අලි 6 දෙනෙකු දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ(19) රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

වනඅලි ගැටී ඇත්තේ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේයි.

අනතුරත් සමග දුම්රිය පීලි පැනීමට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එය තවමත් යතා තත්ත්වයට පත් කර නොමැති බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් අලුයම 1.15 ට ධාවනය වීමට නියමිතව තිබූ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා පුලතිසි දුම්රිය ද අවලංගු කර තිබේ.