.webp)
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම මේ වනවන විට අවසන් අදියරට ළඟා වී ඇති බවයි.
ප්‍රදේශීය ලේකම් කාර්යාලවලින් ඒ සඳහා දත්ත සැපයීමට ජනතාවට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.
ඒ සඳහා ජාලගත සැලස්මක් සකස් කිරීම මේ වනවිට ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.
පළමු අදියරේදී ඩිජිටල් හැඳුනුපත සඳහා ඉල්ලුම්කරුගේ මුහුණේ හැඩය හා ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියමිතයි.
දෙවැනි අදියරේදී ඇසේ කළු ඉගිරියාවේ ද ජීව දත්ත ඩිජිටල් හැඳුනුම්පතට එක් කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අලුතින් හැඳුනුම්පත් අයැදුම්කරන පුද්ගලයින්ට මුල් අදියරේදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කෙරෙන අතර ඉන් අනතුරුව පැරණි හැඳුනුම්පත් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.