වගා නොකළ ඉඩම් වගා කිරීමේ ජාතික වැඩපිළිවෙල අද සිට

වගා නොකළ ඉඩම් වගා කිරීමේ ජාතික වැඩපිළිවෙල අද සිට

by Staff writer 15-02-2025 | 7:08 AM

 COLOMBO (News 1st) –වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අද(15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, එක මිටට ගොවිබිම ලෙස එය නම් කර ඇති බවයි.

මේ යටතේ දිවයින පුරා වගා නොකළ ඉඩම් හඳුනා ගැනීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය.