භාරත උරුමයෙන් බිඳක් මස්ක් පරපුරට තිළිණ කළ මෝදි

භාරත උරුමයෙන් බිඳක් ඊලෝන් මස්ක් පරපුරට තිළිණ කළ ඉන්දීය අගමැති

by Staff writer 15-02-2025 | 12:40 PM

COLOMBO (News 1st) –

අමෙරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි හමුවීමට ඊලෝන් මස්ක් සිය දරුවන් ද සමග පැමිණ සිටීම විදෙස් මාධ්‍යයන්හි වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබුණා

මෙහිදී මෝදි ඊලෝන් මස්ක්ගේ දරුවන්ට තෑගි ගෙනවිත් තිබීම ද විශේෂත්වයක්.

අගමැති මෝදි ඊලෝන් මස්ක්ගේ දරුවන්ට නොබෙල් ත්‍යාගලාභී රබින්ද්‍රනාත් තාගෝර්ගේ  "ද ක්‍රෙසන්ට් මූන්"(The Crescent Moon) ,ද ග්‍රේට් ආර් කේ නාරායන් එකතුව(The Great RK Narayan Collection ) සහ පණ්ඩිත් විෂ්ණු ෂර්මාගේ පංචතන්ත්‍රය යන පොත් තෑගි කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

"ඊලෝන් මස්ක්ගේ පවුලේ අය හමුවීමට සහ පුළුල් පරාසයක විෂයන් ගැන කතා කිරීමට ලැබීම සතුටක්" යැයි අගමැති මෝදි මෙම අවස්ථාව පිළිබඳ සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.