කුෂ් මත්ද්‍රව්‍ය 23KGක් පොලිස් භාරයට...

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23කට අධික ප්‍රමාණයක් සීගිරියේදී පොලිස් භාරයට...

by Staff writer 13-02-2025 | 4:38 PM

COLOMBO (News1st) - කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23 කට අධික ප්‍රමාණයක් සීගිරියේදී පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ , තායිලන්ත ජාතික කාන්තාවක් කළ පැමිණිල්ලකට අදාළවයි.

පොලිසිය සඳහන් කළේ, ඇය ඊයේ මෙරටට පැමිණ සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිට ඇති බවයි.

ගුවන් තොටුපොළේදී ඇගේ ගමන් මල්ල මාරුවී ඇති අතර , එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

ඇය අද පෙරවරුවේ එම ගමන් මල්ල පොලිසියට භාරදී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.