![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඖෂධ ආනයනයකරුවන් හා ඖෂධ නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ(11) පැවති බවයි.
සැපයුම්කරුවන් නොමැති ඖෂධ වර්ග 30කට අධික සංඛ්‍යාවක් මෙරට භාවිතයට ගැණෙන අතර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සැපයුම දුර්වල මට්ටමක ඇති ඖෂධ වර්ග 20කට අධික සංඛ්‍යාවක් ඇති බව ද හඳුනා ගෙන ඇති බවයි.
සාකච්ඡාවේදී ඖෂධ අනායනකරුවන් හා නිෂ්පාදකයින් පවසා ඇත්තේ, සති දෙකක් තුළ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කරන බවයි.
ඒ අනුව එම ඖෂධ හිඟයකින් තොරව සැපයීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.