IMF විධායක අධ්‍යක්ෂ සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

IMF විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්...

by Staff writer 11-02-2025 | 7:28 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ මූර්ති සුබ්‍රමනියම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යී.

මෙම හමුවේදී බදු ප්‍රතිපත්තිය , බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව තිබේ.

ඊට අමතරව ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව සඳහන්.