අගමැති හරිනි හා IMFහි විධායක අධ්‍යක්ෂ අතර හමුවක්

අගමැති හරිනි හා IMFහි විධායක අධ්‍යක්ෂ අතර හමුවක්

by Staff writer 11-02-2025 | 6:02 AM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා හමුවිය.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු වී තිබේ.

ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම, තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු සහ රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව ද අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය මෙහිදී කරුණු පැහැදිලි කළා ය.

හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මහතා ද එක්ව සිටියේ ය.