ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න

විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න - ජාතික ජල සම්පාදන මණ්ඩලය

by Staff writer 09-02-2025 | 2:06 PM

COLOMBO (News 1st) -ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

ඒ, දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම හේතුවෙන් ය.

මේ වන විට බාධාවකින් තොරව ජල සැපයුම ලබාදෙන බව ද, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.