ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයෙක් අතුරුදන්..

රාජකාරී ගිනි අවියත් සමග ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයෙක් අතුරුදන්..

by Staff writer 09-02-2025 | 10:12 AM

COLOMBO (News 1st) - ගල්කිස්ස පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙක්, සිය රාජකාරී ගිනි අවියත් සමග අතුරුදන්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, සැකකාර කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඔහු රැගෙන ගිය T56 වර්ගයේ ගිනි අවිය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, ඊයේ (08) පස්වරු 5.30 ට පමණ රාජකාරී ගිනි අවිය ද සමග පිටව ගොස් ඇත්තේ, සවස 6 සිට උදෑසන 6 දක්වා සේවා මුරයට අදාළ රාජකාරී වෙනුවෙන්.

කෙසේ වෙතත්, ඔහු නියමිත රාජකාරී ස්ථානයේ නොමැති බවට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සැකකාර කොස්තාපල්වරයා, අනුරාධපුරයේ පදිංචිකරුවෙකි.