ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට

මන්නාරම මුහුදේදී ඉන්දීය ධීවරයින් 14 ක් අත්අඩංගුවට

by Staff writer 09-02-2025 | 9:20 AM

COLOMBO (News1st) - මෙරට මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව, මන්නාරම මුහුදේ කළ සෝදිසියකදීය.

ඔවුන් පැමිණි යාත්‍රා දෙකක් ද, නාවික හමුදා භාරයට ගත් අතර එම ධීවරයින්, කිලිනොච්චිය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිත බව, නාවික හමුදාව සඳහන් කළේ ය.