![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 414ක්.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 231කට සීමා විය.
ඒ අනුව ලකුණු 75ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 17යි පන්දු 4ක් තුළ කඩුල්ලක් දැවී තරගය ජය ගත්තේ ය.
ඒ අනුව 2025 වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය තරග 2ට 0ක් ලෙස ඔස්ට්‍රේලියාවට හිමිවිය.
මෙම තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයයි.
ඔහු තරග බිමට සමු දුන්නේ, ආරම්භක පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවා මෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරග 100කට ක්‍රීඩා කළ 7වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.
දිමුත් කරුණාරත්න - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
'' හැමෝගෙන්ම ඉල්ලනවා මේ විදිහටම සපෝර්ට් එක දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකට . අපේ හොද ක්‍රිකටර්ස්ලා ඉන්නවා ගොඩක් ජයග්රාහණ එයාලා ලබා දෙයි . හැමෝටම හැපී මං වෙනුවෙන් අද ආපු එක ගාල්ල ග්‍රවුන්ඩ් එකට ''
තරගය අවසානයේ මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා.
ධනංජය ද සිල්වා - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක
''අපි ස්පින් එකට එච්චර හොඳට සෙල්ලම් කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ඒ ගැන හිතන්න වෙනවා වෙනවා ඒගොල්ලොන්ගේ තාක්ෂණය දෙපැත්තට ගහලා බේරෙන එක ඩිපෙන්ස් කරනවට වැඩිය. ඒක ඒ ගොල්ලොන්ට හරි ගියා නමුත් ඒක අපිට ඇප්ලයි කරගන්න බැරි වුණා. මොකද ඒ ගොල්ලෝ දාපු ප්‍රශර් එකත් එක්ක . පනහේ ඒවා තිබ්බා නමුත් ඒක තරගයක් දිනන්න ප්‍රමාණවත් නැහැ මං හිතනවා අවාසනාවට මන්දා මේ තරගාවලියේ ඒක උදේ වුණේ නෑ බලනවා ඊළඟ තරඟාවලිවල එහෙම වුණොත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ''