![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
එහි ප්‍රධානි පී.ඩි.කේ.ඒ. විල්සන් මහතා සඳහන් කළේ, සිය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.
ඒ පිළිබඳ කරුණු විමසීමට අදාළ සමාගමේ ආරක්ෂණ නිලධාරීන් කැඳවා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අවස්ථා දෙකකදී හටගත් ගින්න පිළිබඳ විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක් අනියුක්ත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක අද(08) පරීක්ෂා කිරීමට නියමිත බවයි.
මේ අතර ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්රිත ආරක්ෂාව ද මේ වනවිට තර කර තිබේ.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.
ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ඊයේ(07) සහ පෙරේදා(06) ගිනි ගැනීම් වාර්තා විය.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ(07) හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සඳහා යොදා ගෙන තිබු ගිනි නිවීම් සේවා රථ සංඛ්‍යාව 6කි.
පෙරේදා(06) පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.
ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.