![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 414ක්.
එහිදී ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරී ශතක රැස් කිරීමට සමත් විය.
ප්‍රභාත් ජයසූරිය කඩුලු 5යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 39කදී බිඳ වැටිණි.
තම අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 14යි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 14යි.
නායක ධනංජය ද සිල්වා ලකුණු 23කට දැවී ගියේ ය.
ඇන්ජලෝ මැතිව්ස් 45වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 76ක්.
අද තරගය නතර කරන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලෙස සටහන් විය.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 48යි.
ඒ අනුව ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 54ක් ඉදිරියෙන් සිටී.