![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
පොලීසිය සඳහන් කළේ, ඇගේ ස්වාමි පුරුෂයා විසින් ඝාතනය සිදු කර ඇති බවයි.
ඊට හේතුව, පවුල් ආරවුලකි.
ඝාතනය සිදුකර පොලීසියට පැමිණ භාරවීමත් සමග සැකකරු අත්අඩංගුවට ගැනුණි.
මේ අතර පුත්තලම කල්අඩිය හස්ථිපුර ප්‍රදේශයේදී ද ස්වාමි පුරුෂයා කළ පහරදීමකින්, බිරිඳ මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මුල් කරගනිමින් අදාළ පුද්ගලයා සිය බිරිඳට සහ දියණියට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.
එහිදී මියගිය කාන්තාවගේ වයස, අවුරුදු 50 කි.
තුවාල ලැබූ දියණිය, පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.