අද සිට GOVPAY හරහා ගෙවීම් කරන්න අවස්ථාව..

GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව..

by Staff writer 07-02-2025 | 7:13 AM

COLOMBO (News 1st) -රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි.

ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය.

සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඩිජිටර් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහනේ ප්‍රධානී උදය එච් කස්තුරිරත්න මහතා පවසයි.

ඒ අනුව තමන්ගේ ජංගම දුරකතනයෙන් මෙම ආයතන සඳහා ගෙවීම් පහසුවෙන් සිදු කර ගත හැකි වනු ඇති.

උදය එච් කස්තුරිරත්න මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේදී තවත් ගෙවීම් රැසක් ‘GovPay’ ඔස්සේ සිදු කිරීමට හැකියාව ලැබෙන බවයි.