ලුණු මිළ ඉහළට

ලුණු මිළ ඉහළට... ආනයනයට දුන් කාලයත් දීර්ඝ කෙරේ..

by Staff writer 07-02-2025 | 6:52 AM

COLOMBO (News 1st) -ලුණු මිළ ඉහළ දමා තිබේ.

ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේ , ඉන්දියාවෙන් ලුණු ආනයනය කරන ලුණු වල මිල ගණන් සළකා මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව ග්‍රැම් 400 ලුණු පැකට්ටුවක මිල රුපියල් 100 සිට 120 දක්වා ඉහළ දමා තිබේ.

කැට ලුණු පැකට්ටුවක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 120 සිට රුපියල් 180 ක් දක්වායි.

කෙසේවෙතත් මාර්තු 20 වැනිදායින් පසු පෙර මිළටම ලුණු නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේ ය.

මේ අතර ලුණු ආනයනයට අවසර දුන් කාලසිමාව ලබන ‍28 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 11,880 ත් දිවයිනට ආනයනය කර ඇති බවයි.