FOX Resorts වෙත පැමිණි අපූරු අමුත්තන්...

ඉතාලියේ ඒ.සී මිලාන් පාපන්දු සමාජයේ සාමාජිකයන් යාපනය FOX Resorts වෙත...

by Staff writer 06-02-2025 | 10:20 PM

COLOMBO (Newws 1st) - ඉතාලියේ ඒ.සී. මිලාන් පාපන්දු සමාජයේ සාමාජිකයන් අද (06) යාපනය FOX Resorts වෙත පැමිණියේය.

ඒ, මෙරට කනිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වන පුහුණු කඳවුර අතරතුරදීයි.

මෙම පුහුණු කඳවුර කොළඹදී ආරම්භ වුණේ පසුගිය ජනවාරි 31වැනිදායි.

කොළඹ, යාපනය සහ ගාල්ල නගරවලදී මෙම පුහුණු කඳවුරු ක්‍රියාත්මත වන අතර අද යාපනයට පැමිණි ඒ.සී. මිලාන් පාපන්දු සමාජයේ සාමාජිකයන් යාපනය FOX Resortsවෙත පැමිණියේය.

FOX Resorts වෙතින් ඔවුන්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ලොව නම් දැරූ පාපන්දු සමාජයක් මෙරටදී කණිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයින් වෙනුවෙන් පුහුණු කඳවුරු පැවත්වන්නේ පළමු වරටයි.