සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පියවර

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම් - ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

by Hashini De Mel 05-02-2025 | 6:40 AM

COLOMBO (News 1st) - සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර් ආරක්ෂණය සම්බන්ධ රෙගුලාසි දැඩි විය යුතු බවයි.

මේ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන ආයතනයක් පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.