නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රකට ව්‍යාපාරික නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 04-02-2025 | 9:53 PM

COLOMBO (News1st) -ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කෙටි කලක් රෝගාතුරව පසුවූ ඔහු අභාප්‍රාප්ත වන විට වයස අවුරුදු 55 කි.

හේමක ද අල්විස් මහතා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

ඒ මහතාගේ දේහය හෙට සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.