එම පත්කිරීම සිදුකර තිබුණේ, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ය.
පෙබරවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේදී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් ද තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කෙරිණ.
සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර සහ බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද සළකා බැලීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කළේ ය.