කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි..

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 03-02-2025 | 12:04 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන,දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 85 වන වියේ පසු විය.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නම රැන්දූ දැවැන්තයෙකි.

ඔහු Union Assurance, brandix , ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර සහ අධ්‍යක්ෂ ධූර හෙබවූවේ ය.

ලංකා දුම්කොළ සමාගමේ සභාපති ධුරයද දැරූ බාලේන්ද්‍ර මහතා , ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ධුරය දැරුවේ 1998 - 2000 වකවානුවේ ය.