GovPay ලබන 7 වැනිදා සිට..

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay ලබන 7 වැනිදා සිට..

by Staff writer 03-02-2025 | 5:18 PM

COLOMBO (News 1st) - ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay ලබන 7 වැනිදා සිට ක්‍රියාවට නංවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දෙනු ඇති.

එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය එමඟින් අපේක්ෂා කෙරේ.