අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 5ක් කොටු..

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-02-2025 | 10:45 AM

COLOMBO (News 1st) -අම්බලන්තොට ප්‍රදේශයේ ඊයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි.

සැකකරුවන් අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ සැගව සිටියදී ඊයේ රාත්‍රියේදි අත්අඩංගුවට ගත් බව සඳහන් ය.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේදී එම ඝාතන සිදුව තිබුණි.

ඝාතනය සඳහා තියුණු ආයුධ රැගත් පුද්ගලයින් 06 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණි බව සඳහන් ය.

සිද්ධියෙන් පුද්ගලයින් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර, ඔවුන් රෝහල් ගතකිරීමේ පසු මිය ගියේ ය.

ඝාතනයට ලක්වුණේ, වයස අවුරුදු 29 ත් 45 ත් අතර වයසේ පසු වූ ඇලේගොඩ, මාමඩල පදිංචිකරුවන් තිදෙනෙකි.