ඒ, එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසිනි.
ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන මූල්‍යාධාර ඉහළ නංවා තිබීම ද, මෙවර ඉන්දීය අය වැය යෝජනාවලියේ විශේෂත්වයක්.
ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව මෙවර අය වැය ඉදිරිපත් කර ඇත්තේ, මධ්‍යම පාන්තිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම අරමුණු කරගනිමිනි.
ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක වාර්ෂික ආදායමයක් උපයන පුද්ගලයින් බදුවලින් නිදහස් කරන බව, අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරිය සඳහන් කළාය.
මෙවර ඉන්දීය අය වැය යෝජනාවලියේ ප්‍රබලතම යෝජනාව වන්නේ, සියලු කාණ්ඩ සඳහා වන ආදායම් බදු කප්පාදුවයි.
දිළිඳු ජනතාව, තරුණයින්, ගොවීන් සහ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ යෝජනා ද, ඊට ඇතුළත් වේ.
පෞද්ගලික අංශය සමඟ එක්ව නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද, මෙවර වැඩි මුදලක් වෙන් කර තිබේ.
විදෙස් රටවලට ආධාර ලබාදීම සඳහා ඉන්දියාව මෙවර වෙන්කර ඇති මුදල, රුපියල් බිලියන 54.8 ක්.
පසුගිය වසරේ ඒ සඳහා වෙන්කර තිබුණේ, ඉන්දීය රුපියල් බිලියන 48.8 ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම වෙනුවෙන් 2025 අය වැයෙන් ඉන්දියාව, රුපියල් බිලියන 3 ක මුදලක් වෙන්කර තිබේ.
පසුගිය වසරේ ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කළ මුදල, රුපියල් බිලියන 2.45 ක්.
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ, ඉතුරුම් සහ ආයෝජන ඉහළ නංවන, ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කළ බවයි.
එය, ශ්‍රම බලකාය වෙනුවෙන් සිය ආණ්ඩුව දක්වන ගෞරවයක් බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.