අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ගියවර නිදහස් සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27 ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී හැකිවූ බවයි.
ගිය වර නිදහස් සමරු උළෙලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 107 කී.
එහෙත් මෙවර එය රුපියල් මිලියන 80 කට සීමා කිරිමට හැකි වූ බව ඔහු සඳහන් කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ 77 වැනි නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ජාතික පුනරුදයට පෙලගැසෙමු යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම සිදු කෙරෙන බවයි.
මෙවර නිදහස් සැමරුම් උළෙලේදී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමෙන්නේ නැති බවත් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියට සහභාගි වන භට පිරිසද අඩු කර ඇති බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළේ ය.
මේ අතර නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු අදත් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වේ.ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි