අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්...

නිදහස් දින පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්...

by Staff writer 29-01-2025 | 8:09 AM

COLOMBO ( News 1st ) - 77 වැනි නිදහස් දින සමරුම් පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිතව අද(29) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

පොලීසිය සඳහන් කළේ, අද(29)  සිට ලබන 02 වැනිදා දක්වා සහ නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ලබන 04 වැනිදා උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව එම කාලය තුළ විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම,

බෞද්ධාලෝක මාවතින් මේට්ලන්ට් පෙදෙසට අතුළුවීම,

බෞද්ධාලෝක මාවතින් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට අතුල්වීම, අත්හිටුවනු ඇත.

මීට අමරතරව කුරුඳුවත්ත පොලිස් වසමේ ස්ටැනිල් විජයසුන්දර මාවතින් පදනම් ආයතන පාර දෙසට ඇතුලුවීම අදාළ කාලය තුළ නවතා දමන බව ද පොලීසිය සඳහන් කළේ ය.

එමෙන්ම නිදහස් වටරවුමින් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුලුවීම,

හොර්ටන් පෙදෙස මේට්ලන්ට් චන්ද්‍ර වංකයෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල්වීම,

ආර් .ජී සේනානායක මාවතින් මේට්ලන්ඩ් චන්ද්‍ර වංකය ඔස්සේ නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම සහ

නිදහස් වටරවුම දෙසින් මේට්ලන්ඩ් චන්ද්‍ර වංකය දෙසට ඇතුල්වීම ද අදාල කාලසීමාව තුළ තහනම් බව පොලීසිය සඳහන් කළේ ය.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.