අඩු කළ රට ඉඳි බද්ද...

රට ඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 28-01-2025 | 2:59 PM

COLOMBO ( News 1st ) - රට ඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කෙරෙනු ඇත.

බදු අඩු කිරීම අද(28) සිට ලබන මාර්තු 31 වැනි දා දක්වා බලාත්මක බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රාමසාන් උපවාස සමයේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා රට ඉඳි මෙට්‍රික්ටොන් 50ක් සෞදි අරාබිය මෙවරත් නොමිලේ පරිත්‍යාග කර තිබේ.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ප්‍රකාශ කළේ, එම තොග මේ වනවිට දිවයිනට ලැබි ඇති බවයි.

ඒවා ඉස්ලාම් දේවස්ථාන වෙත බෙදා හැරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.