ජනාධිපති අරමුදල සේවා සැපයීම ලබන 07 වැනිදා සිට

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම ලබන 07 වැනි දා සිට

by Staff writer 25-01-2025 | 4:58 PM

COLOMBO (News 1st) - ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීමේ වැඩපිළිවෙළ ලබන 07 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක බව නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත උපකාර්යාල මගින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක නියමු ව්‍යාපෘතිය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත සාකච්ඡාවක් අද(25) පැවැත්විය.

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.