එහි සභාපති සමන් ජයසිංහ මහතා සඳහන් කළේ වැලි, මැටි, බොරළු, පස් හා ගල් ප්‍රවාහනය සඳහා පසුගිය සමයේ බලපත්‍ර රැසක් නිකුත් කර ඇති බවයි.
එහෙත් කොන්දේසි කඩකරමින් ඇතැම් බලපත්‍ර හිමියන් කටයුතු කර ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.
සභාපතිවරයා ප්‍රකාශ කළේ, මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.
ඒ අනුව කොන්දේසි කඩ කළ බලපත්‍ර 18ක් අවලංගු කළ බව ද ඔහු සඳහන් කළේ ය.
සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, පරිසරයට හානිදායක ලෙස ඔවුන් ඛනිජ කැනීම් සිදුකර ඇති බවයි.