වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි.
එහි පුද්ගලයින් 35,800කට අධිකට බලපෑමට ලක්වී තිබේ.
මේ අතර මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, යාන් ඔය හොරව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.
ප්‍රධාන ජලාශ 53ක් හා මධ්‍ය පරිමාණ වැව් රැසක් ද වාන් දමමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ අතර සේනානායක සමුද්‍රය ඇතුළු ජලාශ වේ.
මේ අතර අද(24) දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර මඩකලපුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් විය.