අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ ගොඩගැසිමට විවිධ හේතු බලපෑ ඇති බවයි.
එම භාණ්ඩ වරායේ ගොඩ ගැසී තිබීමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් තිබේ.
ඇතැම් අය බදු නොගෙවීම හේතුවෙන් එම භාණ්ඩ වරායෙන් නිදහස් කර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඇතැම් භාණ්ඩ නිදහස් කර ගැනිමට නොහැකි වී ඇත්තේ නිෂ්කාශයට අදාළ ලිපි ලේඛන නොමැති වීමයි.
නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.