ප්‍රවීණ ගායන ශිල්පි අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි.

මදුර ස්වරයෙන් රටක් පිනවූ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 22-01-2025 | 3:20 PM

COLOMBO (News1st) - මොරටුපුරයේ ඉපිද, බෙත්ලෙහෙම්පුරයට ගී ගයමින්, රසික සිත් සතන් ආකර්ශනය කරගත්, ජනප්‍රිය ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප් විය.

මිය යන විට ඔහුගේ වයසඅවුරුදු 75 ක්.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වන අනිල් භාරතී මහතා, 1970 දශකයේ මුල් භාගයේදී ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් ගෝඩන් චයිම්ස්  සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකයා ලෙස සංගීත දිවිය ආරම්භ කළේ ය.

ඔහු  ගැයූ බෙත්ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ගීතය එදා මෙන් අදත් බෙහෙවින් ප්‍රකටයි.

"ටිකිරිමලී", "සීතල සඳ එළියේ", "අදවෙයි ඉරුදින", "රෝසී මගෙ රෝසී", "අද වෙයි හිරු දින" ඇතුළු ගී රැසක් සමග ජනාදරයට පත් ඔහු, 1970 සහ 1980 දශකවල සංගීත ලෝකයේ සුවිශේෂී තැනක් හිමි කරගෙන සිටියේ ය.

අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වුණේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.