COLOMBO (News 1st) - උල්පතකින් එන වතුර ටැංකියකට පුරවගෙන, දවසේ වැඩ ටික කරගන්න මිනිස්සු දුෂ්කර ගම්මානවල විතරක් නෙවෙයි කොළඹත් සිටිනවා.
මේ එහෙම පිරිසක්.
මේ උස් බිමක ඉඳන් පහළට එන උල්පත් වතුර එකතු කරන්නේ පවුල් 15ක මිනිස්සු.
ඉලූක්ඕවිට - පඤ්ඤකුලවත්ත තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ.
ඒ ප්රශ්නය හඳුනාගත්තේ ගම්මැද්ද කණ්ඩායමක් ගෙයින් ගට යමින් ජනතාව හමුවෙද්දීයි.
ගම්මැද්ද කණ්ඩායම් ඊයේ(21) වවුනියාව, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවල ගම්මානවලටත් ගොස් තිබේ.
අම්පාර සර්වෝදයපුරම් හිජ්රත්-නගර් ගම්මානයේ ජනතාව භාජන තියාගෙන ඉන්නේ, වතුර බවුසරේ එනකල්.
ඒ එන්නෙත් සතියකට දවස් කීපයයි.
අම්පාරේ ප්‍රදේශ ගණනාවක වතුර ප්රශ්නය එක විදියටම තිබෙනවා.
වවුනියාව රම්බවෙට්ටි සහ කොක්කෙළිය ගම්මාන යා කරන පාලම වැහි කාලෙට ජලයෙන් යටවෙනවා.
ඒ දවසට නගරයට යන්න විදිහක් නැහැ.
පාරත් අබලන්.
ගම්මු ඉල්ලා හිටින්නේ මේ ප්‍රශ්නයට විසඳුමක්.
මේ අතර මහනුවර වත්තේගම මීගහවත්ත කණිෂ්ඨ විද්‍යලයේ ළමයි 250ක් ඉගෙනුම ලබනවා.
ජල නල පද්ධතිය අවුරුදු 30ක් විතර පරණයි.
මේ තියන ටැංකි ප්‍රමාණවත් නැහැ.
දරුවෝ වගේම ගුරුවරුත් බොහොම අමාරුවෙන් දවස ගත කරන්නේ.
මේ දවස් 13 , ගෙයින් ගෙට ගියපු ගම්මැද්ද කණ්ඩායම්වලට මිනිස්සු දහස් ගණනක් හමුවුණා.
ප්‍රශ්න විතරක් නෙවෙයි ගත කරන ජීවිතේ ගැනත් කතා කළා.
අද මේ ගමනේ 14 වෙනි දවසයි.