රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, එවැනි නිවාස 30 ක් සම්බන්ධයෙන් මේ වන විට තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බවයි.
මීට අමතරව නිල නිවාස ලෙස අමාත්‍යාංශය යටතේ ඇති නිවාස 20 ක් සම්බන්ධයෙන් සහ දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත බංගලා 15 ක පමණ තක්සේරු කිරීම් ද මේවන විට සිදුකෙරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
එම කටයුතුවලින් පසු අධි සුඛෝපභෝගී නිවාස කුමන කටයුත්තක් සඳහා යොදා ගන්නේද යන්න තීරණය කරන බව, අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය ඇතුළු වඩාත් ඵලදායි කටයුත්තක් වෙනුවෙන් එම නිවාස යොදා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.