අදත් වැසෙන මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය...

අදත් වැසෙන මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය...

by Staff writer 22-01-2025 | 2:35 PM

COLOMBO (NEWS 1ST) - මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය අදත් සවස 06 සිට හෙට උදෑසන 06 දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.

දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ කහටගොල්ල ප්‍රදේශයේ පවතින අවදානම් ගල් ඉවත් කරන තුරු එම කාලසීමාවේ මාර්ගය වසා තබන බවයි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

පොලිසිය පැවසුවේ මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට සහ මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගයත් විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකි බවයි.

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහනවලට පමණක් උඩුදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර  නගරයටත්, ගමන් කළ හැකි වේ.

මීට අමතරව මහිංයගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩුදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකි වේ.