නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ, රට තුළ පවතින සහල් හිඟය මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමත් සමග අවසන් වනු ඇතැයි, දැනට පුරෝකථනය කර ඇති බවයි.
මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතැයි, අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම තත්ත්වය තුළ සහල් මෝල් සතුව පැවති වී තොග වෙළඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරමින් ඇතැයිද, ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, සහල් ආනයනයට යොමු වීමෙන්, ගොවීන් බරපතල අර්බුදයකට මුහුණ දෙන බවයි.
මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 25 ක් බවද නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පැවසුවේය.